චන්ද්‍රයානය 2 කක්ෂගත කෙරේ


චන්ද්‍රයානය 2  අද(22) පස්වරුවේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව අභ්‍යවකාශගත කළ බව ඉන්දීය බලධාරීහු පවසති.

එම යානය පසුගිය ජූලි 15වන දින ගුවන්ගතකිරීමට නියමිව තිබූ අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම කටයුතු කල්දමනු ලැබීය.

ප්‍රථමවරට සඳේ දකුණු ද්‍රැවයේ මෙහෙයුම් කිරීම චන්ද්‍රයානය 2 යානයේ කාර්යභාරය වන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 150ක් පමණ වැයවන බවත් ඉන්දීය බලධාරීහු පවසති.

යානය සැප්තැම්බර් 6 හෝ7 දින චන්ද්‍රයා වෙත ළඟාවීමට සැලසුම් කර ඇත.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද සංකීර්ණම මෙහෙයුම මෙය බව සඳහන් වේ.
 
 (බීබීසී ඇසුරිණි - 085)