චන්දන වික්‍රමරත්න වැඩබලන පොලිස්පති ධූරයට


(අජන්ත කුමාර අගලකඩ)

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී.

ඔහුට හිමි පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පිරිනමන ලදී.

හිටපු පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශ උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරන ලදී.

ඊට අමතරව අගවිනිසුරු ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ද නව විගනකාධිපති ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා ද පත්කර ඇත.