(ඉක්දිකා රාමනායක)
පහරදීමෙන් කාන්තාවක් ඇතුළු වූ පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (12) දිනය තුළ ද ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
කිරිදිවැල, වලස්මුල්ල, කෝපායි, ගම්පොල ප්‍රදේශවල දී මෙම පිරිස ඝාතනය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මියගිය පිරිස 71, 65, 62, 52:,යන වයස්වල පසුවන්නන් බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඝාතනයට ලක් කළ කාන්තාව වලස්මුල්ල පදිංචි(65) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි. පහරදීම්වලින් මෙම සියලූ ඝාතන සිදුකර ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසා.

