බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන ලද්දේ නුගේගොඩ ගංගොඩවිල දුම්රියපළ පාර පදිංචි සිංගජපුලිගේ දොන් හේමසිරි (64) සහ නුගේගොඩ මිරිහාන පදිංචි සිරිල් ප්‍රනාන්දු (60) යන දෙදෙනාය.

