(බිඟුන් මේනක ගමගේ)
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
තමා මීට පෙර ද මෙම අභියෝගය කළ නමුත් ඔවුන් දෙදෙනාම ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද දිසානායක මහතා පැවසීය.
රට පාලනය කිරීමට නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් සතුනම් ඒ ගැන කතා කිරීමට බිය වන්නේ කුමක් නිසාදැයි තමා ප්‍රශ්න කරන බව ද ඔහු කීය.
තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

