(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතිඥයන් පිරිසක සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් යුද අපරාධ සිදු කළා යැයි චෝදනා කරමින් පැමිණිල්ල ගොනු කර ඇත.
2009 එල්.ටී.ටී.ඊ ගැටුම් පැවති සමයේදී ජිනීවා සම්මුතිය උල්ලංඝනය කළ බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර අපරාධ නීතිය කඩ කළ බවත් පිටු 63 කින් යුත් පැමිණිල්ලේ සටහන් වේ.