(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් එම සාකච්ඡාවට සහභාගි වී ඇතැයිද පැවසේ.
ජනාධිපතිවරණයේදී බලපාන නීතිරිති ප්‍රචාරණ කටයුතු හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කෙරුණු බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාව අද පස්වරු 2.00 ට පමණ ආරම්භ වී පැය භාගයකට අධික කාලයක් තිස්සේ පවත්වා ඇත.

