ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට රුපියල් 12,500ක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සෑම ගොවියෙකුට ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇතමුන් මවා පාන පරිදි රට තුළ පොහොර හිඟයක් නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පොහොර වර්ග ආනයනය ට අදාලව 2021 මැයි මස 6 වෙනි දින නිකුත් කළ ආනයන අපනයන පාලන පනතට අදාළ ගැසට් පත්‍රය අඩුපාඩු පවතින බවත් ඉදිරියේදී එය නිවැරදි කර අලූත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.