
(ක.ග.කරුණාරත්න)
මින්නේරිය මහ ගොවි ජනපදයට අයත් කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද තම කුඹුරුවලට දියවර සැපයෙන යෝධ ඇලේ බැම්මේදී ගොවි ගැටලු සම්බන්‍ධයෙන් විසඳුම් ලබාදෙන්නැයි රජයට බලකෙරෙන සාමකාමී විරෝධතාවක් පැවැත්වූහ.
නිරෝධායන නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා සකස්කරන ලද පඹයන් යොදාගෙන සිටීම මෙහි විශේෂත්වයෙකි.
වී කිලෝවේ රජයේ සහතික මිල වැඩි කරන ලෙසට සහ වගාවට අවශ්‍ය පොහොර නොමැති ගැටලුවට අවශ්‍ය විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කිරීම මෙම විරෝධතාවේ අරමුණ බව එය සංවිධානයකල ගොවි ජනතාව ප්‍රකාශ කළහ.




