(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප බැංකුව වලින් ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට අද (03) උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවි ජනතාව සඳහා මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප මෙතෙක් සියලුම තැපැල් කාර්යාල මගින් පමණක් ලබා දුන්නේය.
ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාල වලට අමතරව බැංකු වලින් ද ලබා දෙන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.