ගෙවුණ පැය 24දී ගෑස් පිපිරීම් තවත් 21ක්


 (යොහාන් භාසුර)

ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද  (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධීන් 21 න් සිද්ධියෙන් 15 ක් පමණ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිද්ධීන් බවත් පොලිසිය කීය.

පසුගිය නොවැම්බර් මස 1  වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී තිබේ.

මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි  බවත් පොලිසිය කියයි.