ගුවනින් ගිය උ.පෙළ පේපර් යළි ගුවනින්ම එයි


( රොමේෂ් මධුෂංක)

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් යාපනය නෙඩුන්තීව් දූපතේ පිහිටි විභාග මධ්‍යස්ථානයට රැගෙන යන ලද  උසස්පෙළ විභාග ප්‍රශ්නපත්‍ර සියල්ලක්ම නැවත යාපනය උතුරු පලාත් අධ්‍යාපන කාර්යාලයට ගුවනින් රැගෙන ඒ්මට අධ්‍යාපන බලධාරීන් ඇතුලු ගුවන්හමුදාව විසින් ඊයේ (26)  සවස පියවර ගනු ලැබීය.

ප්‍රශ්නපත්‍ර වල ආරක්ෂාව වෙනුවෙන් අයහපත් කාලගුණික තත්වය නිසා විභාගය දින කල්යාම හේතුවෙන් නෙඩුන්තීව් දූපතේ සිට ප්‍රශ්නපත්‍ර මුහුදු මාර්ගයෙන්ද රැගෙනඒ්මේ අසීරුතාවය පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් විසින් ගුවන්හමුදාව දැනුවත් කිරී‌මෙන් අනතුරුව ගුවන්හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ලබා දී තිබුණි.

ඒ අනුව නෙඩුන්තීවු සිට ආරක්ෂිතව උසස්පෙල ප්‍රශ්නපත්‍ර සියල්ලක්ම සහ නිලධාරීන් ගුවනින් යාපනය පලාලි ගුවන්හමුදා කඳවුරට රැගෙන ඒමෙන් අනතුරුව උතුරු පලාත් අධ්‍යාපන කාර්යාලය වෙතට රැගෙන ඒමට ගුවන්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.