ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටෙයි


( නිමල් ජයරත්න )

මාදුරුඔ‍ය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා ගුවන්හමුදාවට අයත්  හෙලිකොප්ටර්  යානයක්  අද (09 ) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී සිදු වූ අනතුරක් සිදුව ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

හිඟුරක්ගොඩ මූලික කඳවුරේ 07 වන බලඝණයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
 
අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ සෙබලුන් 11 දෙනෙකු පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වේ. තුවාලකරුවන් අරලගංවිල සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි,