ගුවන් හමුදා සංක්‍රමිකයෝ විසිර යති


(ශාන්ත රත්නායක සහ හේමන්ත රණසුරිය)

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 324 දෙනෙකු අද (23) දින නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු  විසිර ගියහ.

ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රමේෂ් මංගල ගේ ආරාධනයෙන් එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගී විය.

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු  සහ ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් සංජීව  යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.