ගුවන් යානා පැමිණීම දින 10කට නවතයි


( තිළිණි ද සිල්වා )‍‍‍

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අනිද්දා (21) සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.

ඒ අනුව අනිද්දා (21) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන් යානා ගුවන්තොටුපළවල් වෙත ගොඩබැස්සවීම අත්හිටුවා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් රජය මෙම පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් මෙරටින් පිටත්ව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම බලනොපැවැත්වෙන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.