ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි


(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එහි පළමු ගුවන් යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.