ගුවන් යානයක් පැහැර ගන්නා බවට බොරු පැමිණිල්ලක් දාලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැර ගැනීමට ලක් කරන බවට දුරකථනය හරහා අසත්‍යය පැමිණිල්ලක් සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු විසින් ගුවන් තොටුපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම පැමිණිල්ල රාජ්‍ය විරෝධී පැමිණිල්ලක් ලෙස සටහන් කර සැකකරු වැල්ලවත්ත 33 වන පටු මඟ ලැගුම්හලක කාමරයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.