
(අංජුල මහික වීරරත්න)
කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි තේ අලෙවි කිරීමේ සාප්පු පවත්වා ගෙන යෑම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙරටින් පිටත් වීමේ ගුවන්යානා පැමිණෙන තෙක් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ තේ අලෙවි කිරීමේ සාප්පු 5 ක් දැනට ක්‍රියාත්මක වේ
එකී සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Euro Scan Exports (Pvt) Limited, English Tea Shop (UK) Limited, Sunshine Consumer Lanka ,Limited,UHEExports (Pt) Limited,Ceylon Royal Teas (Pvt) Limited යන සමාගම් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

