ගුරු අයිතීන් දිනා දෙන්න එජාපයෙත් සහාය


(අංජුල මහික වීරරත්න)

ගුරුවරුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබා ලබාදෙන බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ගොවි අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය සක්‍රීය දායකත්වයක් ලබාදෙන බව කී විජයවර්ධන මහතා සෑම විටම ජනතාව සමඟ සිට ගනිමින් ඔවුන්ගේ අයිතීන් ලබා දීම සඳහා අප කටයුතු කරන බවද සඳහන් කළේය.

ස්වයං රැකියාවක් කර රටට බරක් නොවී ජීවත් වූ ජනතාවට පවා අද ආණ්ඩුව යන එන මං නැති කර ඇති බවද විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන වැඩසටහන් වලට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.