ගුරු - විදුහල්පතිවරුන්ට පාරිපාලන සේවයට එක්වන්න අවස්ථාව


(දයාසීලි ලියනගේ)

ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් සංවෘත්ත සේවාවක් කර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් ලබා දෙන ලෙසට ගුරු - විදුහල්පති  සංගම් අද (14) දහවල් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටියේය.

සංවෘත සේවාවන් කිරීමෙන් ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් අනෙකුත් සේවාවෙන් ඉවත් වන අතර විදුහල්පතිවරුන් හා ගුරු උපදේශක තනතුරුවල සිටින අය පාරිපලන තනතුරු ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබෙන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පල්ලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.

මේ අතර ගුරු වර්ජනයට විසැඳුමක් නොලැබෙන තත්ත්වයක් යටතේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.