(සුජිත් හේවාජුලිගේ )
ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය සම්බන්ධයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (10) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.
රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය
රාජ්‍ය සේවකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන විනය පරීක්ෂණ කඩිනම් කිරීම සහ රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණ.
රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු” මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය. ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිවම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.