ගිවිසුම්ගත පුනර්ජනනීය ව්‍යාපෘති යළි සමාලෝචනය කරන්න


 

(අංජුල මහික වීරරත්න)

මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා  උපදෙස් ලබා දුන්නේය.

 එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතන වල නිලධාරීන් සමඟ අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.