ගිරිඋල්ලේ ගුරුවරු පාරට බසිති


(හේමලතා ඞී හේවගේ)                                     

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුඵ ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තීය එකමුතුව සංවිධානය කළ විරෝධතාවයක්  ගිරිඋල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදී අද පැවැත්විණි.                                                                      විවිධ සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ගෝෂකයෝො පොලීසිය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයේ සිට කුරුණෑගල මීගමුව ප‍්‍රධාන මාර්ගය ඔස්සේ ගමනා ගමනයට බාධා නොවන අයුරින් වික‍්‍රමශීලා ජාතික පාසල දක්වා ගමන්කර නැවත හැරී ගිරිඋල්ල බස්නැවතුම ඉදිරිපිටට ගොස් විරෝධතාවයේ නිරතවූහ.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවය සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, පිරිවෙන් ගුරු සංගමය, විදුහල්පති වෘත්තියවේදී සංගමය, සහ විදුහවල්පති සංගමය යන සංගම් නියෝජනය කරමින් ගුරු විදුහල්පතිවරු තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවී සිටියහ.