ගිරිඋල්ල පොලිසියේ ලොක්කෝ දෙකක් රිමාන්ඩ්


(දිනේෂ් උපේන්ද්‍ර)

දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු යූ.බී. කුළතුංග මහතා නියම කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගිරඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියජනක අල්විස් හා අපරාධ විමර්ශන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චරිත් මධුරංග නැමැත්තන් දෙදෙනෙකි.

සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් කණ්ඩායම කියා සිටියේ අත්අඩංගුවට ගත් දැව ලොරියක් වෙනුවට නාරම්මල අධිකරණයට වෙනත් ලොරියක් ඉදිරිපත් කළ බවට සැකපිට සැකකාර පොලිස් නිලධාරීන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ බවයි.