
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කොස් ගස් 30 ක් කපා දැමිම සම්බන්ධයෙන් තම කාර්යාලය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය කියා සිටී.
ගිනිගත්හේන පොල්පිටිය 318 ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවකු විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත ඔහුගේ ඉඩමේ තිබු කොස් ගස් 30 ක් පමණ මෙසේ කපා බිම හෙලා ඇති බවත්, කොස්ගස් 03 ක් කැපිමට තමන්ට අවසර ලබාදිය හැකි බවත්, කොස් ගස් 15 කැපිමට දිසාපතිවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බවත්,කොස් ගස් 30 කට වඩා කපා ඉවත් කිරිමේදි ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම්වරයාගේ අවසරය ලබාගත යුතු බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියෙය.




