(රේඛා තරංගනී ෆොන්සේකා)
ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු හයක් සහ ප්ලාස්ටික් ඇට විශාල වශයෙන් නැවතත් මොරටුව,රත්මලාන,අඟුලාන වෙරළ තීරයට අද (10)උදෑසන ගොඩ ගසා තිබුණි.
පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්වයත් සමග මෙම මලු නැවතත් වෙරළට ගොඩ ගසා ඇත.
ගිනි ගැනීමට ලක්වූ විවිධ ද්‍රව්‍ය කොටස් ද වෙරළ තීරයේ තැනින් තැන දක්නට ලැබුණි.
මෙම ප්ලාස්ටික් මලු හය අඟුලාන පොලිසිය බාරයට ගත් අතර එය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යැවීමට නියමිත බව පොලිසිය පැවසීය.






