ගිනිඅවි පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු අල්ලයි


(ඉන්දිකා රාමනායක)

මඩකලපුව
වව්නතිව් පොලිස් මුරපළට ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනි දින අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා, කපා කොටා, ඝාතනය කර ඔවුන් සතුව තිබූ රිවෝල් ගිනිඅවි 02 පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබූ පැහැර ගත් රිවෝල් ගිනිඅවි 02ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මාවනැල්ල ප්‍රදේශයේදී මීට මාසයකට පමණ ඉහතදී නිවසක නිදාසිටි අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට මෙම රිවෝල්වරයක් භාවිතා කර ඇති බවද පොලිසිය කියයි.