
(රෝහණ චන්ද්‍රදාස)
රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ඉංජිමෙහි හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් නිසා එහි ධාවනය අද (25) උදෑසන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
රජරට රැජන දුම්රිය අද උදෑසන 5.10 ට අනුරාධපුර සිට බෙලිඅත්ත බලා සුපුරුදු ලෙස ධාවනය ආරම්භ කර නවනගරය දුම්රිය නැවතුම ආසන්නයේ දී එක්වරම ගිනිගැනීමක් ඇතිවිණැයි එහි රියැදුරු ප්‍රධාන නියාමක වෙත දැනුම් දී තිබේ.
පසුව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය දැනුම්වත් කිරීමෙන් පසු අනුරාධපුර නාගරික ගිනිනිවීම් ඒකකය කැඳවීය.
ගිනිගැනීම පාලනය කිරීමෙන් පසු රජරට රැජින ආපසු දුම්රිය ස්ථානයට රැගෙන ගෙන ගිය බව පාලක මැදිරියේ නිලධාරියෙක් පැවැසීය.
ඉන්පසු වෙනත් දුම්රිය ඉංජිමක් යොදා පෙරවරු 7.24 ට පමණ බෙලිඅත්ත බලා යළි ධාවනය කෙරිණි.
දුම්රිය ඉංජිමට පමණක් ගින්නෙන් හානි වී ඇති බව දුම්රිය නිලධාරීහු පවසති.

																	
																	
																	
																	
																	
																	