(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන පංචිකාවන්ත අම්මාන් කෝවිල අසල දී ඊයේ (13) මධ්‍යම රාත්‍රියේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කළද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග ඉලක්ක කරු පැනගොස් ඇතැයි මරදාන පොලිසියය කියයි.
මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇත්තේ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටය.
එම පුද්ගලයා ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කර ඇති අතර එම අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාත්මකවී නොමැත.
ඒ සමගම තීරෝද රථය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර යතුරු පෙදියෙන් පැමිණි පුද්ගලයන් ද පළා යමින් සිටියදී වෙඩි උණ්ඩයක් බිමට තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.