ගිණුම් සංශෝධන යෝජනා 10 කට මුදල් සභාවේ අනුමැතිය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහිත වීරරත්න)

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරෙන  යෝජනා සම්මතයන් දහයක් සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය මෙම අත්තිකාරම් ගිණුම් සඳහා 2024 වර්ෂයට  අදාළව සීමාවන්ද  නියම කර ඇත. අදාළ වර්ෂයේදී  උද්ගතවන අවශ්‍යතා අනුව  විසර්ජන පනත යටතේ ලබා දී ඇති අත්තිකාරම් ගිණුම් සීමාවන් නියෝගයක් මගින්  සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරී තිබෙන බව සංශෝධනයට අදාළව කරුණු දක්වමින් නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

එමෙන්ම මෙම සංශෝධන සීමාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමතිය ලබාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.