ගිංතොට වැරදුණු කුරුමානම


(ජේ.කේ.එල්. චාමින්ද)

ගිංතොට පියදිගම සුදර්ශනාරාම මාර්ගයේ පිහිටි  වෙළදසල් හිමියකුට යතුරු පැදියකින් ආ දෙදෙනකු  වෙඩි තබා ඇතත් ඔහුට වෙඩි වැදි නොමැති බව ගාල්ල පොලිසිය පවසයි.

මොහු අනුනමයෙන් දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා පිස්තොලයකින් එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

යතුරුපැදියෙන් පැමිණෙන පුද්ගලයන් දෙදෙනා මොහු දුරදි දැක ඔහුට සැකයක් ඇතිවි තිබේ.ඒ සමග ඔහු දිවගොස් අති අතර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා එක් වෙඩිල්ලක් තබා පලාගොස් ඇත. පසුව මොහු මේ පිළිබද ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇත.

සිද්ධිය වි ඇති ස්ථානයේ තිබි කුඩා ප්‍රමාණයේ හිස් පතොරම් කොපුවක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත. පාතාල කල්ලියක සමාජිකයන් මෙම පුද්ගලයාට වෙඩි තැබිමට පැමිණ ඇති බවට සැකකෙරේ. ගාල්ල පොලිසිය මෙකි වෙඩි තැබිම සම්බන්දව පරික්ෂණ පවත්වයි.