(ඩයනා උදයංගනී)
උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රට තුළ ගෑස් හිඟයක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
කොවිඩ්-19 වසංගතයට සමඟාමීව සැපයුම් ජාල අඩපනවීමල විනිමය අනුපාත වෙනස්වීම හා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත්ල ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීම සඳහා කරනු ලබන ඉල්ලීම් පිළිබඳවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දැක්වූ අතර එයට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා මේ බව පැවසීය.
සහල්ල පොල්ල කිරිපිටිල මාළුලමස්ල බිත්තරල පරිප්පු හා ධාන්‍යල ලොකු ලූණූ හා රතු ලූණුල අර්තාපල්ල එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

