(යොහාන් භාසුර)
ගෑස් අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවි කරන මිල පැහැදිළිව සහ පාරිභෝගිකයාට හොඳින් දිස්වන ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරයි.
ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා නියමකර ඇති උපරිම මිලට වඩා වැඩි මිලට අළෙවි කිරීම සහ ගෑස් තොග ළග තබාගෙන අළෙවි ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවත් එම වැරදි කරන වෙළදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය එවැනි වැරදි කරන වෙළෙදුන් සොයා රටපුරා වැටලීම් කරන බව ද පාරිභෝගික අධිකාරිය වැඩි දුරටත් කීය.

