(රංජන් කස්තුරි)
ළඟම පිහිටි රෝහලට හෝ සායනයට හෝ ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ගර්භණී මාතාවනට දැනුම් දී ඇත.
ඇතැම් සායනවලින් විවිධ දුර්මත ඇතුළත් විස්තර පත්‍රිකා ලබාදෙන බවට තොරතුරු ලැබෙන නමුත් එවැනි විස්තර පත්‍රිකාවකට සිය විද්‍යායතනය අනුමැතිය ලබාදී නැතැයි ද එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද දිල්වා මහතා පවසයි.
වයස 30ට වැඩි ගැබිනි මව්වරුන් රුධිර පීඩනය, දියවැඩියාව ඇඳුම ආදි රෝගාබාධවලින් පෙළෙන ගැබිණි මව්වරුන්, අවධානම් රැකියාවල නිරතවන ගැබිණි මව්වරුන් අනිවාර්යෙන්ම කෝවිඩ් මර්දන එන්නත් ලබාගත යුතු බව ද ඔවු කීය.

