ගැබිණි මවුන්ට බදාදා සිට කොරෝනා එන්නත්


(රංජන් කස්තුරි)

දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.

දිවයින පුරා මේ වන විට ගර්භණී මවුවරුන් 275,000සක් පමණ සිටින බවට වාර්තා වන බව ප්‍රදීප් ද සිල්වා මහතා කියයි.

ඒ අනුව අවදානම් සහිත මවුවරුන්ට නිර්ණායක කීපයක් යටතේ කොරා්නා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රදිප් ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය.