
(යොහාන් භාසුර)
ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 20,000 ක් වටිනා පෝෂණ දීමනාව රුපියල් 2000 බැගින් වන මාසික භාණ්ඩ මල්ලක් ලෙස මෙතෙක් ලබාදුන් බවත් මුදල් නොමැති වීමෙන් එය අත්හිටුවා ඇති බවත් ලංකා සතොස උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මේ පිළිබඳව විමසීමට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැවීය.

