
(රෝෂන් තුෂාර)
ගසා දූපත් ආසන්නයේ සිට හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 75කට අධික ප්‍රමාණයක් මෙරටට ප්‍රවාහනය කළේ යැයි අත්අඩංගුවට ගත් ධීවරයාත්‍රා දෙකක ධීවරින් දොළොස් දෙනෙකු පෙබරවාරි 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26)නියෝග කළේය.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සැකකාර ධීවර යාත්‍රාවේ ප්‍රධානියා විසින් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය කර ගත් බව මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
අනිකුත් ධීවරයින්ට රුපියල් ලක්ෂ පනහ සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදිය යුතු බවට පණිවිඩ හුවමාරු මගින් අනාවරණය කරගෙන ඇති බවද සඳහන් කළේය.
ජයසේකර පටබැඳිගේ රුක්ෂාන්,නිමේෂ් තුෂාර ඇතුළු සැකකරුවන් විදේශීය නැවකින් ධීවරයාත්‍රාවකට පටවා ඇති බවත්,එමභාණ්ඩ හුවමාරුවේදී සැටලයිට් දුරකථන භාවිතා කර පණිවිඩ හුවමාරු කරගෙන ඇති බවත් එම පණිවිඩ ඔස්සේ නාවික හමුදාව විසින් පසුගිය 21 වැනි දින අත්අඩංගුවට ගෙන ගාල්ල වරායට රැගෙන ආ බවත් කරුණු ඉදිරිපත් කළේය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අත්අඩංගුවට ගත් ලක් රූ සහ ශ්‍රියාන් ධීවරයාත්‍රාවන්හි ජී පි එස් යන්ත්‍ර රජයේ රසපරික්ෂකයාට යොමු කරන ලෙස යොමුකර වාර්තාවක් කැඳවන ලෙසටද නියෝග කෙරිණි.
(ඡායාරූප: හිරු හර්ෂණ)





