(ජේ.කේ.එල් චාමින්ද)
භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළදසැල් ඉදිරිපිට පා සලකුණු කිරීමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරණු ලැබිය.
කොරෝනා වයිරසය ව්‍යාපත්විම වැලැක්විමේ අරමුණින් ජනතාව අතර දුරස්ථ භාවය තබා ගැනිම සදහා මෙකි පා සලකුණු කිරිමේ වැඩසටහන ආරම්භ කර ඇත.
ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයට අයත් මාගල්ලේ පිහිටි සුපිරි වෙළදසැලක් ඉදිරිපිට අද (27) පා සලකුණු සටහන් කිරිම ආරම්භ කරණු ලැබිය.
දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ද සිල්වා මහතාගේ අදහසකට අනුව මෙකී වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ සදහා පෞද්ගලික තින්ත සමාගමක අනුග්‍රහය හිමිවි ඇත. මාගාල්ලේ පිහිටි සුපිරි වෙළදසැල ඉදිරිපිට පාසලකුණු කිරිමේ අවස්ථාවට ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ හා වරාය පොලිස් ස්ථානාධිපති දුමින්ද කුමාර යන මහත්වරුන්ද එක්ව සිටියහ.




