ගාල්ලෙත් ලාදුරු වැඩි වේ


(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල දිස්ත්‍රික්කය තුල මෙම වර්ෂයේ  ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුල අලුතෙන් ලාදුරු රෝගින් 54 දෙනකු හදුනාගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි.

අලුතෙන් හදුනාගත් ලාදුරු රෝගින් අතර වයස අවුරුදු 14ට අඩු දරුවකු ද සිටින බව හෙතෙම පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුල 2021 වර්ෂයේ දි ලාදුරු රෝගින් 56 දෙනෙකු ද,2020 වර්ෂයේ 62 නෙකුද,2019 වර්ෂයේ දි 75 දෙනෙකුද වාර්තා වි තිබු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

ලාදුරු රෝගින් වැඩි වශයෙන් වාර්තා වි ඇති ගාල්ල, ඇල්පිටිය, හා හික්කඩුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුගේ සහභාගිත්වයෙන් චර්ම රෝග සායන පැවැත්විමට කටයුතුකර ඇති බවද හෙතෙම පවසයි.