(රවී ලියනගේ සහ ඩී.ජී,සුගතපාල)
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගුරු හා විදුහල්පති සංගම් එක්ව සංවිධානය කරන ලද දැවැන්ත උද්ඝෝෂණයක් අද (28) ගාල්ලේ දී පැවැත්විණි.
ගාල්ල මහමෝදර සහ සමුද්‍ර මාවතට එක්වූ විදුහල්පතිවරු සහ ගුරුවරු විරෝධතා පුවරු ඔසවාගෙන පෙළපාලි දෙකක් ලෙස ගාල්ල නගරයට පැමිණියහ.
අනතුරුව පැයක පමණ කාලය උද්ඝෝෂණයේ නිරත වූහ. මේ නිසා ගාල්ල මාතර මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර වෙනත් මාර්ගවලින් වාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය.