
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල නගරයේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (24) රැස්වුණු මේ බව අනාවරණය වූ අතර මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගාල්ල දෙවැට ප්‍රදේශයේ අක්කර 6කින් යුත් භූමි භාගයක් හඳුනාගෙන තිබෙන බව එහිදී සඳහන් විය.
කටුගොඩ දුම්රිය ස්ථානය සහ පින්නදූව අධිවේගී පිවිසුම සම්බන්ධකරගෙන මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් මේ සඳහා කළමණාකරන මණ්ඩලයේ අනුමැතිය නාගරික සංවර්ධන අධිකාරියට ලැබී ඇති බවත් රැස්වීමේදි අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ ජනක් රණවීර මහතා සඳහන් කර සිටියේය.
ගාල්ල නගර මධ්‍යයේ පවතින ප්‍රධාන බස් නැවතුම් පොළේ බස් රථ 94ක් දිනකට ගමන්වාර 4450ක් පමණ කළත් නැවැත්වීමට ඉඩ ඇත්තේ බස් රථ 27ක් වැනි සුළු ප්‍රමාණයක් බැවින් මෙවැනි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක අවශ්‍යතාව කළක සිට පැවැති බව ද දකුණු පළාත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

