(ඩී.ජී.සුගතපාල)
උණවටුන සංචාරක හෝටලයක නතරව සිටි විදේශිය සංචාරකයන්ගේ රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශ මුදල් සොරකම් කිරිම සම්බන්ධයෙන් හෝටල් හිමියා ඇතුලු සැකකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවන්ට හා විමරශණ පැවැත්වු උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභූ ප්‍රසන්න මහතාට බලපෑම් කිරිම සම්බන්ධයෙන් නඩු පැවරිමට කටුයුතු කරනවාද නැද්ද යන්න සොයා බැලිම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද තීරණය කළේය.
මේ සඳහා කරුණු දැක්විමට මැයි 25වනදින පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනි සිටි පොලිස් නිති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයතිස්ස මහතා එම නඩුවලට ආදලව ලිඛිත දේශන ඉදිරිපත් කරන ලද අතර මේ සම්බන්ධ නියෝගය ලබාදිම මහේස්ත්‍රාත්වරයා අද දිනට කල් තබන ලදි.
උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් දෙපාරතමේන්තුව පවත්වාගෙන යනු ලබන අභ්‍යන්තර පරික්ෂණය ද නතර කරන ලෙසට ද එහෙත් එය නඩුවට බාධාකර නොගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
උණවටුන යද්දේහිමුල්ල සංචාරක හෝටලයක නතරව සිටි විදේශිකයින්ගේ රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශ මුදල් සොරකම් කිරිම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වු උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝටල් හිමියා ඔහුගේ පුතා හොට්ලයේ කළමනාකරු සහ ගණකාධිකාරිවරයාට එරෙහිව නඩු පවරා ඇත.

