(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(26) 10 ක් ඇප මත මුදා හැරියාය.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25) රැදවියන් 18 ක් ඇපමත මුදා හැරියේය.
බන්ධනාගාරවල පවතින තදබදය අඩු කිරිම සඳහා සුලු වැරදි සම්බන්ධයෙන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකිවද ඇප තැබිමට නොහැකිවද දිර්ග කාලිනව බන්ධනාගාර ගතව සිටි රැඳවියන් ඇප මත මුදා හැරිමට රජය විසින් ගෙන ඇති තීරණය අනුව මෙය සිදු කෙරිණි.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රැඳවියන් අධිකරණය වෙත කැඳවිමකින් තොරව නිල මැදිරියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර අධිකාරි මගින් රැඳවියන් ගැන තොරතුරු ලබා ගැනිමෙන් පසු මෙසේ ඇප මත මුදා හැරිමට නියම කලේය.
ඒ අනුව සුලු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින අය ශරිර ඇප මත මුදා හැරිමටත් ඇප තැබිමට නොහැකිවිමෙන් බන්ධනාගාර ගතව සිටින අය පුද්ගලික ඇප මත මුදා හැරිමටත් මහේස්ත්‍රාත්වරයා නියම කලේය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය නඩු වාර්තා පරික්ෂාකර බලා බන්ධනාගාරයෙන්ද තොරතුරු ලබාගෙන ඇපදිය හැකි වරදවල් සඳහා බන්ධානාගර ගතව සිටි දස දෙනෙකු ඇප මත මුදා හැරිමට නියෝග කළාය.

