ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න ඇමති මණ්ඩලයට යෝජනා


 

(අංජුල මහික වීරරත්න)

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම  ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබෙි.

අස්වැන්නක් ලබා ගැනීමට නම් ප්‍රබල වල්පැළැටි නාශකයක් වන ග්ලයිපොසේට් තහනම් කිරීමේ ගැසට්ටුව ඉවත් කළ යුතු බවට කෘෂි විද්වතුන්, ගොවි නියෝජිතයින් , ගොවි සංවිධාන මෙන්ම බීජ හා පැළ නිෂ්පාදකයින්ගේ සමිති හා බඩඉරිගු ආනයනකරුවන්ගේ සංගමයේ  අදහස් හා යෝජනා සලකා බලා මෙම පියවර ගෙන තිබේ.