ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් මරුට


(තුසිත කුමාර ද සිල්වා)

ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇදඳවැටී බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ  ඩී .සුනිල් ඩයස් නැමැති 59 හැවිරිදි අයෙකි.

එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිඹියා ගසක කොළ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එක් පාර්ශවයක අයකු මියගිය අය තල්ලු කිරීමේ දී යාබද තාප්පයේ වැදී වූ තුවාල හේතුවෙන් බේරුවල රෝහලට ඇතුළත් කර අනතුරුව කළුතර නාගොඩ රෝහලේදී අද  අළුයම මියගොස් ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය කියයි .

මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය කියයි . සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි ද කියයි .