ගස් දෙබලක හිරවී අයෙක් මරුට


(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය පන්ගන්විල ප්‍රදේශයේදී ගසක් කැපීමට ගිය තරුණයකු ගසේ දෙබලක හිරවීමෙන් අද (13) සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ ඌරන්වල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි රවී කුමාර නැමැති 29 හැවිරිදි තරුණයෙකි.

ගස කැපීමට ගිය තරුණයා ගසේ අතු අතර හිරවීමෙන් පසු අසල්වාසීන් විසින් ඔහු ඉන් මුදා බිමට ගෙන ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.