ගසක් වැටී පිත්තල හංදිය වැසෙයි


(යොහාන් භාසුර)

හුණුපිටිය ගංඟාංරාම විහාරස්ථානය සහ අවට ස්ථාපිත ‘බුද්ධ රශ්මී’ වෙසක් කළාප තුළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ විශාල ගසක් මාර්ග හරහා වැටීමෙන් එම මාර්ගය අද (24) පෙරවරු 10.30 ට පමණ සම්පූර්ණයෙන්ම වැසුණි.

එම ගස ඉදිරී වැටෙන අවස්ථාවේදී මාර්ගයේ කිසිඳු පුද්ගලයෙක් ගමන් නොකිරීම සහ කිසිඳු වාහනයක් ධාවනය නොවීමෙන් මහා විනාශයක් වැලකුණු අතර ඉන් කිසිඳු පුද්ගලයෙක්ට හෝ වාහනයකට අනතුරක් නොවීය.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් පැමිණ ගස ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කළේය.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)