
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් ගවයින් සොරකමේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු සොරා ගත් ගවයින් කිහිප දෙනෙකු සහ මෝටර් රථ කිහිපයක් සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
ගවයින් සොරා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත ආරක්ෂිත කැමරා (CCTV ) පරීක්ෂා කිරීමේදී ගවයින් සොරා ගෙන යන පුද්ගලයෙකු පිලිබදව වැඩි දුරටත් පරීක්ෂණ කිරීමේදී එලෙස ගවයින් සොරා ගෙන යන පුද්ගලයා පොලිස් අත් අඩංගුවේ සිටිනු දැක පොලිසිය මවිත වී සැකකරුගෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙම සොරකම් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
රාත්‍රී මුර සංචාරයේ යෙදී සිට් අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් මහතා විසින් සැකකටයුතු ලෙස මාර්ගයේ ගමන් කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කරමින් සිටින අතරතුර අදාල ගව සොරකම පිළිබඳව පැමිණිල්ල පොලිසියට ලැබී ඇත.
ඒ අනුව සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී ගව සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මොරටුව ප්‍රදේශයේදී සොරා ගත් ගවයින් පස් දෙනෙකු සමඟ අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි. එහිදී සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී අතුරුගිරිය, පානදුර අළුබෝමුල්ල, දොම්පේ, පිලියන්දල ආදී ප්‍රදේශවලදී සිදුකල ගව සොරකම් රැසක් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

