(රොහාන් කුමාර දිසානායක)
ගලිගමුව පාසල අසලදී ත්‍රිරෝද රථයක් හා බසයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරින් අද (20) දෙදෙනෙකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ තැන්නපිටිය පදිංචි 21 හැවිරිදි සම්පත් රාජපක්ෂ සහ 20 හැවිරිදි කුමුදුනී කුමාරි දිසානායක යන අයවලුන්ය.
විදේශ ගතවන ඥාතීයකු ගුවන්තොටුපළට ඇරලවා ආපසු නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මෘතදේහයන් සම්බන්ධයෙන් කැගල්ල මහ රෝහලේ දී මරණ පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.