ගල්අඟුරු බත්තලක් සුළඟට අසුව ගසාගෙන යයි


(පද්මා කුමාරී කංකානම්ගේ)

ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද අලුයම, සැඩ සුළඟට අසුව  ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස්  ඇතැයි  නොරොච්චෝල පොලිසිය පවසයි.

මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල  ඇළවී අනතුරට පත්වීමට යාමේ දී එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා,ඉලංතඩිය ධීවරයන් මුදා ගෙන ඇත.

ප්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල්අඟුරු ප්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව ඇත.

පවතින දේශගුණික තත්ත්වය සලකා බලා,වෙනත් යාත්‍රාවක උදව්වෙන් මෙම බත්තල දියබ මුහුදින් බළාගාරය වෙත ඇදගෙන යාමට නියමිත බව නොරොච්චෝල පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පවසයි.